හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න

හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න

vastu-tips-for-building-home-vasthu-consultent_dushan-semasinghe
On Call

vastu tips for building home

හැඩතල මිනිසා වෙනස්කරයි.කල්පනාකාරි වන්න

සැබවින්ම වාස්තු විදයාත්මකද නුතනයේ මිනිසාට ඇති බරපතල ගැටලුවකි.වාස්තු විද්‍යාව නූතන මිනිසාට මිත්‍යාවක් වී ඇත්තේ වාස්තු විද්‍යාවේ  සිද්ධාන්ත සාමානය මිනිසෙකුට වටහාගැනීමේ ඇති අපහසුව නිසයි. ඒ් හැර  වාස්තු විද්‍යාවේ වරදක්  නිසා නොවෙයි.

වාස්තු යන්නෙහි අර්ථය වාසයට සුදුසු යන්නයි.වාසයට සුදුසු වීමට නම් බොහෝ දේවල් සම්පූර්ණ විය යුතුය.අතීතයේ විසූ මිනිසා පරිසරයට හිතකාමී ලෙස ස්වභාවධර්මයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොකර තමන්ට සුදුසු වාසස්ථානය ඉදි කර ගත්හ.එම නිසා ස්වභාව ධර්මය ද පෙරළා ඔවුන්ට ප්‍රති උපකාර කළහ.

පුරාතන වාස්තු විද්‍යාවට අනුව මිනිසාට සැපවත් වූ දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වීමට නම් තමා ජීවත් වීමට සාදන නිවහන ශක්තිමත් එකක් වීම අනිවාර්ය වේ.වාස්තු විද්‍යාව ආරම්භ වන්නේමෙම ශක්තිය පිළිබඳ තාක්ෂණයත් ස්වභාව ධර්මයේ පවතින නීති රීතීන් සංකලනය වීම මගිනුයි.

මේ මුළු මහත් විශ්වයම සෑදී ඇත්තේ පංච මහා භූතයන්ගේ සංකලනය වීමෙනුයි .මිනිසා ද එම පංච මහා භූතයන්ගෙන් සැදුම් ලත් මේ ස්වභාව ධර්මයේ එක් අංශුමාත්‍රයක් පමණි .නූතන මිනිසා ස්වභාව ධර්මය අවබෝධ කර ගන්නවා වෙනුවට ස්වභාව ධර්මයෙන්ම නිර්මිත වූ මිනිසා ස්වභාව ධර්මය ම අභිබවා යෑමට උත්සාහ කිරීම නිසා ඇතිවී ඇති අනිටු ප්‍රතිවිපාක අද වන විට අපට මුහුණ දෙන්නට සිදු වී ඇති ව්‍යවසනයන්ට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ස්වභාව ධර්මය මගින් නිර්මාණය කර ඇති සියල්ල යම් අනුපාතයකට සෑදී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.එය ස්වර්ණමය අනුපාතය ලෙසින් හැඳින්වේ.මිනිසා ද නිර්මාණය වී ඇත්තේ මෙම ස්වර්ණමය අනුපාතයට යටත්වය.මේ බව අවබෝධ කරගන්නා  පුරාණ ඍෂිවරුන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද මෙම අනුපාතයන් උපයෝගී කරගෙන තිබේ.මෙම ඉදිකිරීම් චිරාත් කාලයක් නොනැසී පවතින්නේ ද ස්වභාවධර්මයට එකඟ නිර්මාණ වීම නිසයි.

ලොව මහා පුදුම ලෙස සැලකෙන ආසියා අප්‍රිකා යුරෝපා යන මහද්වීප තුනට මැදිව පෘථිවිය කේන්ද්‍ර ස්ථානයක් ලෙස සලකනු ලබන ඊජිප්තුවේ කයිරෝ හි ගීසා නගරයේ පිහිටා ඇති පිරමීඩ ද ලෝකයේ බිහිවී ඇති විශිෂ්ට නිර්මාණ වේ.

සෑම උදෑසනකම මහා පිරමීඩයේ ඇතුළතින් ද මුදුනෙන් ද නික්මෙන දෝංකාරය හා රශ්මි ධාරාව කවර හේතුවකින් හට ගන්නේද යන්න මේ ගැන මෙතෙක් කල් අධ්‍යනයෙහි  යෙදුණු එකම විද්වතකුට  හෝ වටහා ගැනීමට නොහැකි විය. ඉන් වැටහී යන්නේ විශ්වය සාමාන්‍ය පුද්ගලයකුට වටහාගැනීම කෙතරම් අපහසුද යන්නයි.

1930 වසරේ අග භාගයේ දී පමණ ප්‍රංශ ජාතික බෝවිස් නැමැත්තා නිවාඩුවක් ගත කිරීමට තෝරා ගත්තේ පිරමීඩ පිහිටා ඇත්තේ ඇති නගරයි.එහි ඇති පුදුම උපදවනසුලුමහා පිරමිඩය තුළට ගොස් එහි ඇති අසිරිය නැරඹීමට ඔහු තුළ වූයේ විශාල වුවමනාවකි.පිරමීඩය තුළ වූ රජ කුටිය අසලදී දුටුවේ ඒ කිට්ටුවම වූ කූඩයක තිබූ බල්ලන්ගේ බළලුන්ගේ මියන්ගේ මළ සිරුරුයි. කිසිම දුගදක් එහි නොවිය වේළුණු ස්භාවයක්  පැවැතිණි. ඔහුට මෙය මහත් ගැටලුවක් වූයෙන් මුරකරු ගෙන් ඒ ගැන විමසා ඇත. ඔහු පවසා ඇත්තේ ඉබාගාතේ යන සතුන් පිරමීඩය තුළට ගිය පසු ආහාර හා ජලය හෝ නොමැති කමින් මිය යන බවත් ඒ මළ සිරුරු එකතු කර පසුව වල දමන බවත් ය.

මේ සිදුවීම අතීතයේ සිටම සිදු වන බවත් එහිදී ඔහුගේ සිත විමතියට පත්වූයේ ඒ සතුන්ගේ මල සිරුරු කුණුවී නොතිබීමත් කිසිදු දුගදක්  නො හමන්නේ කෙසේද යන්නයි.සංචාරය නිමවා නිවසට පැමිණි වහාම ඔහු කළේ අඩි තුනක් තරම් වූ පිරමීඩ  ආකෘතියක් තැනීමයි.ඊට ආසන්න දිනකදී මියගිය බලලෙකු ගේ  සිරුරක් සොයා ගත් ඔහු ගිසාහී මහා පිරමිඩය තුළ කුටිය පිහිටුවා තිබූ උසට සමාන වන තැනක් නියමිත අනුපාතයට අනුව සැකසූ ස්ථානයක් තම පිරමීඩ ආකෘතිය තුළ ද සොයාගෙන එම බලල් සිරුර එතැන තැබිය. පිරමීඩය විවෘත කළ ඔහුට දැකගත හැකි වූයේ ගීසාහි මහා පිරමීඩය තුළ තුල මියගිය සතුන්ගේ මළ සිරුරු මෙන්ම මේ බලල් මළ සිරුරත් කුණු වී නැති බවත් දුගඳක් ද එහි නැති බවත්ය. එතැන් පටන් ඔහු ඉතා වෙහෙසකර පිරමීඩ පර්යේෂණ වල පර්යේෂණවල නියැලිනි.

මේ ස්වභාව ස්වභාව ධර්මයට එකඟ වූ විශිෂ්ට නිර්මාණ වල ප්‍රතිඵලයි.

 

එමෙන්ම ලංකාව ඇතුළු ආසියාතික රටවල් වල පවතින දාගැබ් සංස්කෘතියද විශිෂ්ට වාස්තු නිර්මාණයන් වෙයි.

අතීතයේ සිටි සෘෂිවරරුන් තම විඤ්ඤාණයට ගෝචර වන්නා වූ දේවල් මිනිසාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අනාගතයට  ලබා දුන්නත් නූතන ය ඒ සාරය උරා නොගැනීම අතිශයින්ම කණගාටුවට කරුණකි.

ජර්මනියේ උපත ලැබූ විදුලි ඉංජිනේරුවකු වූ ආචාර්ය වුල්ෆගන් ඔහුගේ අත්දැකීම් මෙසේ සටහන් කර ඇත.මගේ ව්‍යාපාරය ඇරඹීමේදී මගේ නිවසේ කාමර නැවත සකස් කිරීමට සිදුවිය.එහිදී මගේ දියණියන් තිදෙනාටද වෙනම කාමර සකස් කර දුනිමි.පාසල් වියේ පසුවූ මගේ දරුවන් මාස කීපයකට පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පාන්නට සිදුවිය රාත්‍රීයේදී මුත්‍රා පහ වීමපැහැදිලිව පෙනෙන්නට තිබුණි.මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවන් ශාරීරික වශයෙන් නිරෝගී බවයි.මේ හේතුවෙන් මමත් මගේ බිරිඳත් මානසික වශයෙන් අවුල් වියවුල් තත්ත්වයකට පත්විය.මේ අතරතුර කාලයේදී අසල්වැසි මිතුරකු ගෙන් දැන ගැනීමට ලැබුණේ ඔහුගේ නිවසේ පවතින ගැටලු විශ්ලේෂණය කර ගැනීම සඳහා ගොඩනැගිලි ජීව විද්‍යාඥයකුට ඇරයුම් කර ඇති බවයි.එහිදී විද්‍යාඥයා විසින් සිදු කරනු ලබන කටයුතු දැකගැනීම සඳහා පැමිණෙන ලෙස මටද ආරාධනා කෙරිණි.එම නිවසේ කාමර වල පැවතියාවූ පාරිසරික තත්ත්වයන් මැන බැලීම සඳහා බොහෝ විදුලි උපකරණ මීටර ඔහු විසින් යොදා ගැනිණ.නිදා ගන්නා ස්ථානය යනු අපගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම ගත කරන ස්ථානය වෙයි.දවසේ ආතති තත්වයන්ට මුහුණ දෙන අප නැවත බල ගැන්වෙන්නේ මෙම කාලය තුළදී ය.මා නිවසට පැමිණි වහාම ළමුන්ගේ කාමරයන්ගේ  ශක්තියෙන් මැන බැලුවෙමි එවිට මට දැක ගැනීමට හැකි වූයේ මාගේ නිවසේ දරුවන්ගේ කාමර අසල සවි කර ඇති විදුලි සම්බන්ධතා වෙන්  ලැබෙන ප්‍රත්‍යාවර්ථ විදුලි ක්ෂේත්රයේ  අති විශාල විදුලි ප්‍රමාණයක් විහිදුවන  බවයි. මෙය හඳුනා ගත් මා ඉන්පසු සෑම රාත්‍රියක දී ම මෙම ස්විචය වසා දැමූ හෙයින් ළමුන්ගේ නින්දේදී මුත්‍රා පහ වීම නතර විය. විද්‍යුත් ආතතියට ලක් ව සිටි දරුවන් ඉන් පසු නිරෝගී තත්ත්වයට පත්විය.මෙම අත්දැකීම් මාගේ බිරිඳගේත් මාගේ  සීඝ්‍ර මානසික වර්ධනයක් සඳහා ආරම්භයක් වූ හෙයින් එතැන් පටන් ගොඩනැගී ජීව විද්‍යාව හදාරා ඒ සඳහා වන විවිධ උපදේශක තත්ත්වයන් ද ලබා ගතිමි.

මෙයින් පෙනී යන්නේ අප ජීවත් වෙන පරිසරය තුළ අති විශාල ශක්ති ප්‍රමාණයක් සංසරණය වන බවයි.

ආලෝකය, වාතය,වර්ණ,විවිධ හැඩතල විශ්වයේ ශක්තින්ය.එමෙන්ම විශ්වය පුරා පවතින්නාවූවිවිධ ශක්තියෙන් වැරදි අන්දමින් පෙළගස්වා තිබීමෙන් ඇතිවන්නා වූ භයානක ප්‍රතිඵල නිවැරදි කළ හැක්කේ ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති අයෙකුට පමණි.වාස්තු විද්‍යාවට අනුව නිවසක හෝ කාර්යාලයක හෝ තිබෙන සියලු භාණ්ඩවල ශක්තීන් ද සමතුලිතව තිබිය යුතුය.විදුලි රැහැන් විදුලි උපකරණ උදුන් ඇඳ ඇතිරිලි මෙට්ට සහ ප්‍රතිමා ද ඉන් සමහරකි.ඉතින් ඒ පිළිබඳ අවබෝධයකින් තොරව වැරදි ස්ථානවල තැබීමෙන් නිවස තුළ පවත්නා අනිකුත් ශක්තීන් හා ගැටීමෙන් සිදුවන සෘන ශක්තීන්ගේ බිහිවීම නිවසේ අසමතුලිතතාවයට හේතුවිය හැකිය.ඔබගේ ජීවන රටාවට හැඩතල මගින් බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි.

මේ වාස්තු විද්‍යාඥයෙකුට මුහුණ පෑමට සිදු වූ සත්‍ය සිදුවීමකි.දිනක් ඔහුගේ මිතුරෙකු ඔහු හමුවීමට පැමිණ ඇත.එසේ කතාබස් කරමින් සිටියදී ඔහුට දැනගන්නට ලැබුනේ ඔහු දික්කසාද වීමට තීරණය කර ඇති බවයි.ඔවුන් දෙදෙනා බොහෝ කලක් ඉතා සතුටින් ජීවත් වූ නිසා මෙම ප්‍රවෘත්තිය විමතියට කරුණක් විය.මෙවන් දරුණු තීරණයකට එළඹීමට හෝ වැරදි වැටහීමක් ඇති වීමට හෝ කිසිම හේතුවක් ඔවුන්ට තිබී නැත.ඒත් ප්‍රශ්නය වසර තුනක් තරම් පැරණි එකක් විය.තවදුරටත් කරුණු විමසීමේ දී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ වසර තුනකට පමණ පෙර ඔවුන් නව නිවසකට පදිංචියට ගොස් ඇති බවයි.ඇති වන්නට යන්නේ ඉතාමත් නුසුදුසු දෙයක් බැවින් ඔහු පසුදා උදෑසන එම නිවස වෙත යෑමට තීරණය කරන ලදී.නිවසට ඇතුලු වීමේදී ඇතුළු වීමේ දී ප්‍රථමයෙන් ම ඔහුගේ නෙත ගැටෙන්නේ ගෙබිම පුරා අතුරා තිබූ කෑලි කෑලි වලට කැඩී ඇති මාබල් කැටයි.මේ පිළිබඳ විමසීමේ දී  ඔවුන්ඔහු කියා ඇත්තේ මේ අපූරු නිර්මාණය සිදුකර ඇත්තේ මාබල් කැඩෙන්නට බිම අතහැර පසුව ඒ කැබලි එකට එකතුකර බවයි.ඊට අමතරව නිවසේ ගෘහ භාණ්ඩවල,බිත්තිවල ආලේපිත වර්ණ වල තද දීප්තිමත් භාවයකින්ද  යුක්තබව පෙනෙන්නට තිබුණි.ඔවුන්ගේ නිදන කාමර අවිධිමත් හැඩ හා තියුණු කෙළවර වලින් යුක්ත විය.මෙම වටපිටාව නිරීක්ෂණය කළ ඔහු මාබල් මත වහාම කාපට් අතුරන  ලෙසටත් ගෘහ භාණ්ඩ වල හා බිත්තිවල වර්ණ වෙනස් කොට ඒ සඳහා සුමුදු වර්ණ ආලේප කරන ලෙසත් ඔහු නිර්දේශ කරන ලදී.නිදන කාමරයේ රෝසමලක චිත්‍ර ඇඳීමට ඔහු යෝජනා කර ඇත ඔවුන්ගේ උපදෙස් අනුව ඔවුන් ක්‍රියාකිරීම  නිසා ඉතාම කෙටි කලකදී සියල්ල වෙනස් වී සියලු දෙනා විමතියට පත්කරමින් ඒ දෙදෙනා ඉතා සතුටින් නැවත ජීවිතය ආරම්භ කර ඇත.

මාබල් වල හැඩය අවිධිමත් බවත් කැඩී බිඳී ගිය වීදුරු කණ්ණාඩි ගල් ආදී ඕනෑම දෙයක් නිවස තුළ තැන්පත් කර තැබීමෙන් යහපත් හා ප්‍රයෝජනවත් ශක්තීන්ගේ සංසරණය පහළ මට්ටමකට පත්වන අතර තීන්ත වර්ග වල තියුණු බව පීඩාකාරී ආවේග මතු කිරීමටත් රුධිර පීඩනය වැඩි කිරීමටත් හේතු වනු ඇත.කොළ වර්ණය සාමයටත් රෝස වර්ණය ආදරය වර්ධනය කිරීමටත් සබඳතා ඇති කිරීමටත් කිරීමට හේතුවනු ඇති.

අපි ජීවත් වෙන්නේ ගණනය කළ නොහැකි හැඩ සහ හැඩතල වල පිරි ලෝකයක  බව අපි හොඳින් වටහා ගත යුතුය. අප හැඩතල දුටුවත් ඒවායේ වැදගත් කමක් වත් අපගේ ජීවිත වලට ඒවා බලපාන අන්දම ගැන වත් අපි නොදනිමු. මෙම  විෂය  ඉතා ගැඹුරු එකක් බව අපි වටහා  ගත යුතුය.

විශ්වයේ පවත්නා සෑම දේකටම ධැරැව දෙකක් ඇත.විදුලි බලයේ මේ අය ධන හා ඍණ වේ.පෘථිවිය හිරු වටා කැරකෙනුයේ ඊසාන පෙදෙසට අංශක 22.5ක ඇලයකින් යුතුවය.එය කැරැකෙනුයේ දකුනටය.උතුරින් හා නැගෙනහිරින් ධන  ශක්තින් ලැබෙන අතර ඊසාන දිශාවෙන් ධන ශක්තින් දෙගුණ වී ලැබේ.එමෙන්ම ඉහත දිශාවන්ට ප්‍රතිවිරුද්ධ දිශාවන් ගෙන් අපිට ලැබෙන්නෙ සෘණාත්මක ශක්තින් ය.මෙය පෘථිවි ක්‍රියාකාරීත්වයේ ස්වභාවයයි.

මෙවැනි කරුණු මත පදනම් වූ ශාස්ත්‍රය වාස්තු ශාස්ත්‍රය වේ. පෘථිවි පිහිටීම පවත්නා ආකාරයත් එහි පැවැත්ම සඳහා එහි හැඩය පාදක වී ඇති අන්දම අවබෝධ කරගත යුතුය. ඒවා අපගේ අවශ්‍යතාවයන්ට අනුකූල ව යොදා ගැනීම අපගේ පරම අපේක්ෂාවයි. නිවැරදි භූමියක් තෝරා ගැනීමත් අදාළ ඉදිකිරීම් එහි නිවැරදි පිහිටීමක්  සඳහා මෙය පදනම් කරගත යුතුය.ඉඩමක උතුර නැගෙනහිර දිශාවන් පහත්ව තිබීමත් දකුණ බටහිර දිශාවන් උස තිබීමත් උස තිබීමත් යහපත්ය.උතුරු නැගෙනහිර දිශාවන් පහත් ව තිබීම ධනාත්මක ශක්තීන් ගලනයට ඉතා යහපත්වේ. දකුණ බස්නාහිර උස්කොට මායිම් වල අඩු ඉඩ ප්‍රමාණයක් තබා වැඩි බර පැටවීම සිදු කිරීම ශක්තීන් හා පදාර්ථයන් සම කිරීමට හේතු වේ.ඊසාන පෙදෙස ස්වභාවිකවම සැහැල්ලුය. ආලෝකමත් ය. බෑවුම් සහිත ය.එහෙයින් එය වෙනස් නොකළ යුතුය එමෙන්ම බටහිර හා දකුණට මැදි වූ නිරිත පෙදෙස බරය අඳුරුය එමෙන් ම අඳුරුය ස්වාභාවික තත්ත්වය එයයි.පඨවි පදාර්ථය අයත් මෙම පෙදෙසේ බිම්ගෙවල් ලිං කුහර නොපැවතිය යුතුය කැණීම් නොකළ යුතුය. ඊසාන ජලාශිත ප්‍රදේශයක් වන හෙයින් කැණීම් බිම් ආදියට ඔරොත්තු දේ. ඒ දිසාවන්ට අයත් මෙම ශක්ති පදාර්ථ ගැන තේරුම් ගන්නේ නම් වාස්තු විද්‍යානුකූලව වාසනාවන්ත නිවසක් සැලසුම් කරගත හැකිය.

දුෂාන් සේමසිංහ
‌ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක

Close Menu